
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහ විහාරයේ සංවර්ධනය මන්ත්‍රි ආර්.සම්බන්ධන්ගේ ඉල්ලීම මත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් නැවැත්වීමට එරෙහිව මහා සංඝරත්නය අද විරෝධතාවක නිරත වූහ.
ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහ සංඝරත්නය ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ එක් මන්තීරුවක් වසා විරෝධතාවයේ යෙදිම නිසා ගමනාගමන කටයුතුවලට එක් මන්තීරුවක් පමණක් භාවිතා කිරිමට අවශ්‍ය කටයුතු රථවාහන පොලිසිය සකස්කර දුන්හ.
බොරලුකන්ද පූජාභූමියට වැඩම කළ මහ සංඝරත්නය ප්‍රථමයෙන් රෝපණය කර ඇති බෝ අංකුරය අභියස ආගමික වතාවත් පැවැත්විමෙන් පසු එහි සත්‍යක්‍රියාවක යෙදි අනතුරුව මාර්ගයට පැමිණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුහ.
විරෝධතාවයේ යෙදෙමින් අදහස් දැක්වු මොරවැව මහ දිවුල්වැව ශ්‍රි ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසුවේ මෙම ස්ථානයේ පන්සල හැදෙනවාට දෙමළ, මුස්ලිම් අය විරුද්ධ නැහැ.
ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහ සංඝරත්නය මහ පාරට ඇද දැමුවා දැන් මෙහෙම නම් 13 වෙනි සංශෝධනයෙන් පළාත් සභාවලට බලය දුන්නේ නම් හාමුදුරුවන්ට සිය ආගමික කටයුතු සිදුකිරිමට ආණ්ඩුකාරගෙන් අවසර ගතයුතු වෙනවා.



