බෝම්බ පිපිරවීමට ගෑස් සිලින්ඩර යොදා ගත් ප්‍රථම අවස්ථාව බුද්ධගයා ප්‍රහාරයෙන් පෙනෙතියි ඉන්දියා ස්වදේශ සුෂිල් කුමාර් ෂින්ඩ් කියයි. ඇමෝනියම් නයිට්‍රේට්, පොටෑසියම් හා ගෙන්දගම්වල මිශ්‍රණයක් එම ගෑස් සිලින්ඩරවල පුරවා තිබූ බවත්, එම බෝම්බවල ප්‍රබලත්වය වැලැක්වී ඇත්තේ ගයා පෙදෙසේ ඒ අවස්ථාවේ පැවති තෙතමනය නිසා බවත් බෝම්බ පිළිබඳ ඉන්දියා හමුදා විශේෂඥයෝ කියති.
බෙම්බ 13ක් බුද්ධගයාවේ තබා ඇති නමුත් පිපිරී ඇත්තේ 10ක් බවත් ෂින්ඩ් කියයි.
පිපිරී නොගිය බෝම්බවල උර්දු බසින් ලියා ඇති වදන්වලින් බෝම්බ පිපිරවිය යුතු තැන් කවරේදැයි ලියා උපදෙස් දී ඇතැයි ද ‘බරා පට්‘ යනුවෙන් සඳහන් කර ඇත්තේ ‘ලොකු පිළිමය‘ බව ද, ඉන්දියා පොලිසිය කියයි.
ඉරාකයේ සිද්ධිවලට පිළිගැනීමක් වශයෙන් මේ මෙහෙයුම කළ බව ද තවත් පණිවිඩයක දැක්වේ.