මහා මිනී මැරුමක සුල මුල හෙළිවේ


රඹුක්කන නගරයේ  මහා ධනවත් ව්‍යාපාරිකයකු හා රජයේ ප්‍රබල ආධාරකරුවකු වු දලුග්ගල හර්ෂ හෙට්ට්ආරච්චි(51) මහතා ඝාතනය කර වසර තුනහමාරකට පසු සැක පිට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් කෑගල්ල මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා  විසින් ඔක්තෝබර්  තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

ත්‍රිරෝද රියදුරකු වන කුරුදුගස්තැන්නේ මංගල දේශප්‍රිය ගාමිණී හා චමින්ද ලක්ෂාන් නොහොත් සුදා එසේ රිමාන්ඩ් කළ දෙදෙනාය.

මරා දැමුණූ හෙට්ටිආරච්චි මහතා බස්  හිමියකු වු බවත් වැලි හා පොල්ගස්  විකිණිමට සම්බන්ධ ව්‍යාපාරද වෙනත් ව්‍යාපාරද පවත්වාගෙන ගිය බවත් කියති.

2010-02-04 වැනි දින දලුග්ගල පදිංචිව සිටි  ඔහු ඔහුගේම ලොරියකදී  හිසට වෙඩි තබා ඝාතනය කැර තිබුණි.

එහි පරීක්ෂණ ප්‍රගතියක් නොවුයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප්‍රියලාල් දසනායක මහතා  පරීක්ෂණ කෑගල්ල  පොලිස් නොවිසිදුණූ අපරාධ අංශයට පැවරිය.

එහි ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක යටවර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට ලැබුණු  තොරතුරක් අනුව මෙම සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුහ.