මහා මාර්ග හිටපු ලේකම් එෆ්සීඅයිඩියට


මහා මාර්ග ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් රුපියල් කෝටි 2800 ක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (7) පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.