ශ්‍රී ලංකාවේ පළමු කාන්තා මහා භාරකාරවරිය ලෙස නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය අද (13) මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී වැඩ බාර ගත්තාය.
1922 වසරේදී ඇරඹී මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වු ප්‍රථම කාන්තාව ඇයයි. එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.










