මහා බෝධියත් නේපාල උදව්වට


නේපාලයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය හා එක්ව සහන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස හිමියෝ කියති.

පානීය ජලය, වියළි ආහාර, ඇඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, පාවහන් වැනි ආධාර ද්‍රව්‍ය මරදාන මහාබෝධි සමාගම, විද්‍යෝදය පිරිවෙන, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට භාරදිය හැකි බවද බානගල උපතිස්ස හිමියෝ පවසති.

මිලට ගැනීමේ අරමුදලක් ආරම්භ කර ඉන්දියාවෙන් භාණ්ඩ මිලදීගෙන නේපාලයට යැවීම පහසු බැව්ද ආධාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ තොරතුරු මහා බෝධි සමාගමේ 011 2677626 හෝ ශ්‍රී ලංකා මහ පිරිවෙනේ 011 2693867 දුරකථන අංකයන්ගෙන් ලබාගත හැකි බවද ඒ හිමියෝ කියති.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මා හිමි, මාතලේ ධම්මකුසල රාමඤ්ඤ අනු නා හිමි, මරදාන ශ්‍රී ලංකා පිරිවෙන් විද්‍යාලයාධිපති නාගොඩ අමරවංශ හිමි සහ සිංහල විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ මේ ආයාචනය කරති.