ජංගම දැව ඉරුම් යන්ත්‍ර තුනක් භාවිතා කරමින් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වූ හත් දෙනකු දැව තොගයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල හියාරේ කඳවුරු නිලධාරීහු සමත් වූහ.
ගාල්ල ඉමදූව හල්පේ පැඟිරිහේන ප්‍රදේහයේ මෙම ඡාවාරම කලක සිට කරගෙන ගොස් ඇතැයිද කොස්, මැහෝගනී, නැදුන්, බුරුත, හල්මිල්ල ඇතුළු දැව තොගයක් පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු කියති

