මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට බලපත‍්‍ර නාගරික සංවර්ධන අධිකාරියෙන්


මහා පරිමාණ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලට අදාළව මෙතෙක් පළාත් පාලන ආයතන මගින් සිදුකළ අයදුම්පත් භාරගැනීම, සැලසුම් නිරාකරණය,ගාස්තු අයකිරීම හා බලපත‍්‍ර නිකුත් කිරීම යන කටයුතු ඉකුත් පෙබරවාරි 1 වැනිදා සිට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන ඇති බව එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා පවසයි.

පළාත් පාලන ආයතන නව තාක්‍ෂණය භාවිතා නොකිරීම නිසා කටයුතු පමාවීම හා පාරදෘෂ්‍යභාවයක් නොමැතිවීම නිසා දරුණු ලෙස අක‍්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීම නිසා මෙලෙස පවරාගත් බව මුණසිංහ මහතා කියයි.

ඒ අනුව ඒවා මහල් 4කට වැඩි ඉදිකිරීම්, වර්ග අඩි 4000ට වැඩි ඉදිකිරීම්,රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි, පරිසර දූෂණයන් සිදුවිය හැකි කර්මාන්තශාලා යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුම ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල සිදුකරන ඉදිකිරීම් කටයුතු ඇතුළු ඉදිකිරීම් රැසකට අදාළ එම කටයුතු පවරා ගැනෙනු ඇත.