තැපැල් දෙපාර්තමේන්තුවේ පළමු පෙළ උසස්වීම් කඩිනමින් දෙන්නැයි රජයට බළ කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කොළඹ තැපැල් මුලස්ථානය ඉදිරිපිටදී අද (13) දහවල් උද්ඝෝෂණයක් පැවැත් විණි.
සංගමයේ සාමාජිකයෝ කොළඹ කොටුවේ සිට පා ගමනින් තැපැල් මුලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ.
2004 වසරෙන් පසුව මේ වන තෙක් පළමු පෙළ උසස වීම් කිසිවක් ලබා දී නැතැයිද මේ නිසා තැපැල් දෙපාර්තමේන්තතුවේ පාලනය අකාර්්‍යක්ෂම වී ඇතැයිද තැපැල් හා විදුලි සංදේශ නිලධාරීගේ සංගමයේ භාණ්ඩාගාරික මුදිත කරුණාමුනි මහතා කියයි.