මහසෙන් පන්නලත් හොල්ලයි


පන්නල නගරය   හරහා අද (13)  දහවල් හමාගිය මහසෙන් සැඩ සුළඟින් නිවාස රැසකට ද වගාවට ද හානි සිදුව තිබේ. කුලියාපිටිය කුරැණෑගල හා පන්නල කුලියාපිටිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් ගමනා ගමනයට ද බාධ එල්ල විය. කර්මාන්තපුරයේ රථ ගාලට ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදු විය.  විදුලි බලයද විසන්දී විය.