මහවැසි : මුහුදත් රළු වේ


අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහල යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන  මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.