මහවැලි ගඟේ ගිළී පස් දෙනෙක් මරුට


හැටන් යමින් සිටි පිරිසක තරුණයන් පස් දෙනකු නාවලපිටිය පොල්ගම්පලදී මහවැලි ගගේ දිය නාන්නට ගොස් වතුර පෙවීමෙන් රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

රෝහලේදී ඔවුන් මිය ගිය බව නාවලපිටිය රෝහල් ප්‍රකාශකයකු පවසයි. මියගිය අය මහනුවර උඩුනුවර වටදෙණියේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ වටදෙණියෙ පදිංචි සමන් දිසානායක (23) සුමිත් තෙන්නකෝන්  (20) කසුන් සඳරුවන් කුළතුංග (26) , චමින්ද බණ්ඩාර (29) ඔහු ගුවන් හමුදා සෙබළෙකි. රියැදුරු ජනිත් මධුෂංක නවරත්න (22) යන පස් දෙනාය.