මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂගේ අපේක්ෂිත ඇපැල විසි වෙයි


(රෝෂන් තුෂාර)

රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමන් අත් අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ මහේස්ත්‍රාත්  අසංක එක් බෝදරගම මහතා  (05) ප්‍රතික්ෂේප කළේය.

නීතිඥ හංසි අතුකෝරල මහත්මිය මගින් මෙම ඇප පෙත්සම  ඉදිරිපත් කළ අතර පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීඥ හංසි අතුකෝරළ මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ  සිය සේවාදායකයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඉස්මතුව ඇති බවය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සිය සේවා දායකයාට අල්ලස් කොමිෂම මගින් දන්වා ඇති බවත්,එසේ ගිය අවස්ථාවකදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියාය.

පෙත්සම්කරු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයෙක් බවත් ඔහු ෂශින්ද්‍ර රාජපක්ෂ මහතාට  වන්දි මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවත් ,සිදුකොට ඇත්තේ සිය රාජකාරිය ඉටු කිරීම පමණක් බවත් පැවසුවාය.ඔහු දැනට ප්‍රසිද්ධ පුද්ගලිකා ආයතනයක අධ්‍යක්ෂ ජනතාව ධුරයක් හොබවන බවත් පැවසුවාය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂක නීති සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් මෙසේ සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාල මූලික විමර්ශන 2025 අප්‍රියෙල් මස 27 වැනි දින ආරම්භ කළා. 2022  පැවති ජන අරගලය නිසා සෙවනගල පිහිටි ඉඩමක් විනාශ කර තිබෙනවා. ඊට අදාල ව හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලක්ෂ 88ක වන්දි මුදලක් ලබාගෙන තිබෙනවා. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන සිදුකෙරෙනවා.  සෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා. මෙම සිද්ධිය වූ අවධියේ මෙම පෙත්සම්කරු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා. මෙම පෙත්සම්කරු  තම බලය අනිසි ලෙස භාවිතා කර  හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක්ද යවා   මෙම මුදල ලබා ගැනීමට  ලිපියක්  යොමු කර තම අභිමතය පරිදි කටයුතු කර ඇති බව විමර්ශන මගින් අනාවරණය වෙනවා.

මෙම සිද්ධියට අදාලව එවකට හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා වන රොෂාන් රණසිංහගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට  නියමිතයි.

හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරයා වන සමන් ඒකනායක මහතා විසින් මහවැලි ඉඩම් ලබාදීම  නතර කර තිබියදී  මෙම පෙත්සම්කරු විසින් 2022සැප්තැම්බර් 13  දින පහළ නිලධාරීන්ට බලපෑම් කර වන්දි මුදල් නිකුත් කර ඇති බව අනාවරණය වෙනවා.. වලව මහවැලි කාර්යාලයෙන් අනුමත  එම වන්දිි මුදලට අදාල ලේඛනය මෙම පෙත්සම්කරු අමාත්‍යවරයා සතු බලතල රැගෙන කොළඹට යවලා තියෙනවා.  ශෂේන්ද්‍ර රාජපක්ෂ සැකකරුට ලක්ෂ 88 ක මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන්  පොදු දේපල පනත යටතේ විමර්ශන කරනවා.  වන්දි මුදල ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම පෙත්සම්කරු විසින් සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වෙනවා.එම නිසා මෙම අපේක්‍ෂිත ඇප අයදුම්පත නිශ්ප්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපේක්‍ෂිත ඇප අයදුම්පත්‍රය නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළේය.