(ප්‍රියාණි මංගලිකා )
මහව, මඩපොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල මියගොස් සිටි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මහව නගරයේ ව්‍යාපාරික ස්ථාන අද(20) සිට දින තුනක් වසා දැමීමට එහි වෙළඳ සංගමය පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයාගේ සිරුර මීට දින හතරකට පමණ පෙර මහව පොලීසිය විසින් සොයා ගනු ලදුව පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණ වලදී ඔහුට නොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇත.
මෙම පුද්ගලයා මහව ගජනැග්ගම ප්‍රදෙිශයේ පදිංචි 60 වියැති අයෙකු බවද , මොහු මහව නගරයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කර තිබීම හේතුවෙන් ,ඔහු සැරිසැරූ ස්ථාන හඳුනාගෙන අදාල පිරිස් නිරොිධායනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ වලට සහ පොලීසියට සහය දක්වමින් වෙළඳ සංගමය මෙම පියවර ගෙන ඇත.
මෙම පුද්ගලයා සිය දිවි නසාගත්තාද යන්න පිළිබඳව මහව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරණ අතර සෞඛ්‍ය අංශ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

