මහලු සැමියාගේ දේපළට අනින්න බැරිවේ


වයස අවුරුදු 27 වැන්දඹුව 52 හැවිරිදි සැමියා මිය ගිය පසු රුපියල් කෝටි ගණනක් වටිනා ඔහුගේ ඉඩ කඩම් මිළ මුදල් ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට ගත් උත්සාහයේදී  පොලිස් අත්අඩංගුවට පත්ව සිටි.

මේ ගනු දෙනුවට ආධාර හා අනුබල දුන්නැයි කොළඹ විහාරස්ථානයක හිමි නමක හා වැන්දඹුවගේ මව අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කූඨ ලේඛණ සකස් කළ බව කියන නොතාරිස්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

තම සහෝදරයා මිය යාමෙන් පසුව ඔහුගේ දෙවැනි බිරිය  ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් දේපල හිමි කැර ගැනීමට උත්සාහ කරතියි මහර කඩවත පදිංචි කරුවෙක් පොලීසියට පැමිණිලි කළේය.

කොළඹ මහල් නිවසක් වේයන්ගොඩ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් ලක්ෂ 50 ක මුල්‍ය ආයෝජනයක් හා කොටස් වෙළෙද පොළේ රුපියල් ලක්ෂ පහක්  මෙසේ ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට උත්සාහ දැරුවැයි පැමිණිල්ලේ සඳහන්වේ.