මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල  ද අල්විස් පාරේ  පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි.

දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි පිටුපස තිබිය දී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසිය.
 
මෙරට ⁣පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන හා මියන්මාර් ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි මහල් එකොලහකින් යුත් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ රැදී සිටින  අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳවැටී ඇති බවට පොලීසිය සැක කරයි.