මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට


(ටෝනි කරුණානායක සහ ඉන්දිකා රාමනායක) 

මිනුවන්ගොඩ ,බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

ඊයේ(16 ) රාත්‍රී වෙඩි  ප්‍රහාරයට ලක්ව මිනුවන්ගොඩ , උන්නාරුවේ පදිංචි මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් චන්දු යන  අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි  සැකකරු මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මරණකරු විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත  සිටින අයෙකු බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .

මරණකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කීය .