මහරගම සභාපතිනිය ඇඟට ගොඩවේ


 ‘ඔය ගොල්ලන් මම කියන ඇත්ත ලියන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහනවා. ඒ නිසා මම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ‘ මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ලංකාදීප වාර්තාකාරිනියට එසේ කීවේ ගින්නෙන් හානි වූ කඩ හිමිකාරියක මතු කළ ප්‍රශ්නයකට ඇගෙන් පිළිතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී ය.

විජිතා තලගල නම් එම කඩ හිමිකාරිය පැවසුවේ තාවකාලික කඩවලට එහෙන් මෙහෙන් වයර් ඇද විදුලිය ගෙන ඇති  බවයි. ඒ නිසා විදුලිය කාන්දු වීමකින් ගින්න හටගන්නට ඇතැයි ඇය කීවාය.