තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.
මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ.