මහරගම පොදු වෙළඳපොළ කඩා ඉවත් කර අලුත් පොදු වෙළඳපළත් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසේ. පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා කර නව වෙළඳ සංකීර්ණයට මුල් ගල් තැබීමට සූදානම් කර ඇත. මහරගම නගර සභාපතිනියගේ ඡායාරූපයක් සහිත කටවුට් පුවරුවක් එහි තිබී වනසා දැමීයැයි පළාත් සභා මන්ත්‍රීවරයකුට එරෙහිව ඇය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. පොලිසියද ඇගේ කට උත්තරයක් ලියා ගත්තේය. නව වෙළඳසල් හදන තුරු වෙළඳනට විකල්ප භූමියක් ලබාදී ඇත.

