මහරගම ජනාධිපති විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය රුපියල් ලක්ෂ තිස් පහක මුදලක් වැය කැර මිලදී ගත් බස් රථය විදුහලේ ආදී ශිෂ්‍ය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් පාසලට පිරිනැමීය.
ආදී ශීෂ්‍ය සංගමය මෙම සත්කාරයට අමතරව රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වැය කැර විදුහලට නව බුදු මැදුරක් ඉදි කැර දුන්නේය.
පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි,ඉසුරු දේවප්‍රිය,සුලෝචනා ගමගේ,විදුහල්පති වසන්ත කුමාර යන මහත්වරුන් සමඟ ආදී ශිෂ්‍ය සංගමයේ චම්පික මාරසිංහ මහතාද මේ අවස්ථාවට එක් වුහ.