මහරගම අය වැය ‘ලෙඩ ඡන්දෙන්‘ දිනයි


මහරගම නගර සභා අය වැය වැඩි ඡන්ද දෙකකින් අද සම්මත විය. සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය අය වැය ඉදිරිපත් කළාය.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තිලක් වීරසිංහ මහතා ගිලන් රියකින් ගෙනු එනු ලැබීය. ඔහු සභාවේ පුටුවක වාඩිවීමට පවා නොහැකි තත්ත්වයේ සිටියේය. සභාව ඇතුළට රැගෙන ආ ඔහු මොහොතකින් යළි ගිලන් රිය වෙත රැගෙන යනු ලැබූහ.

ඔහු ද, ඔහු සමග පැමිණි වෛද්‍ය වරයා ද, හෙද හෙදියෝ ද මුකවාඩම් බැඳ සිටියහ.

රෝගීව සිටි මන්ත්‍රීන් දෙදෙනකු වන උප සභාපති සුනිල් කොඩිතුවක්කු හා ප්‍රදීප් ලියනගේ මහත්වරු නගර සභා වාහනයකින් රැගෙන එනු ලැබූහ.

පක්ෂව ඡන්ද 12කි. විපක්ෂව ඡන්ද 10කි. ජවිපෙ මන්ත්‍රී ද එජාපය සමග ඡන්දය දුන්නේය.