මහරගම අධ්‍යාපන ලොක්කාටත් යන්න කියයි


ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සමිති එකමුතුව අද මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

ඔහු හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ හිතවත්කම මත බඳවා ගැනීමේ පටිපාටියෙන් තොරව පත් කර ඇතැයි ද උද්ඝෝෂකයෝ පැවසූහ.

ගුරු විදුහල්පති සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා කීවේ ජාතික අධ්‍යාපන ආයතනයේ වංචා දූෂණ රැසක් සිදුවී ඇති බවයි.

‘ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධ මීගොඩ අධ්‍යාපන ආයතනයේ තිබුණු පරිගණක මධ්‍යස්ථානය විනාශ කර අලුතෙන් එකක් විශාල වියදමක් දරා සකස් කළා. එහි දූෂණ වංචා රැසක් සිදු වී තිබෙනවා. අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා කාලය අවසන් වුවත් තවම බලයේ ඉන්න උත්සාහ ගන්නවා. ‘

මේ ගැන කළ විමසීමක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය බේරත්න බණ්ඩා මහතා කීවේ මෙම තනතුරට අධ්‍යාපනඥයන් පත් විය යුතු නැති බවයි. මීගොඩ පරිගණක මධ්‍යස්ථානය සැකසීමේ දී වංචා දූෂණ සිදුවී නැති ය ද ඔහු කීවේය.