මහර සිද්ධිය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්


(දිල්රුක්ෂි ග්‍රේරු)

මහර බන්ධනාගාරයේ  ඇති වූ සිද්ධිය පිළිබදව විමර්ශනය කර  සම්පූර්ණ වාර්තාවක් ලබා දීම  සඳහා  පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, ජනාධිපති නිතීඥ යු ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රෝහණ පහුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්  ගාමිණි ජයසිංහ යන පිරිස මෙම  පංච පුද්ගල කමිටුවට නම් කර ඇත.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා මෙම පත්කිරීම කර තිබේ.

බන්ධනාගාර ප්‍රත්සංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන  රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.