
(යොහාන් භාසුර)
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අනිද්දා (17) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව එම ප්‍රදේශවලට අනිද්දා (17) පස්වරු 4.00 සිට 18 වැනිදා පෙරවරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුව බව ද එම මණ්ඩලය කීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය කීය.

