අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින් පෙනීසිටින දරුවනට ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අසපුවේ යොවුන් සභාව මඟින් පැවැත්විණි.
අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ආශීර්වාදය ඇතිව සංවිධානය කළ මේ පින්කම ශ්‍රද්ධා රුපවාහිනි සේවයේ සහයද ලැබිණි. රජරට ප්‍රදේශ ගණනාවක දරුවෝද දෙමාපියෝද බොහෝ දෙනෙක් මෙම පිංකම සඳහා සහභාගී වුහ.







