මහමෙව්නාවෙන් ලේ දන්දීම් මාලාවක්


අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය බව සිහිපත් කර

දෙන මහමෙව්නාව භාවනා අසපුව මේහේතුවෙන් පිළිකා මෙන්ම වෙනත් අසාධ්‍ය රෝගීන් බොහෝ ගණනාවකගේ ජීවිත බලවත් අවදානමකට පත් වන බවද දන්වා සිටී.

මෙවන්අවදානමෙන් එම රෝගීන් මුදා පරමාර්ථයෙන් ජාතික ලේ දන්දීමේ සේවය සමඟමහමෙව්නාව භාවනා අසපු සංචිතය, ශ්‍රද්ධා රුපවාහිනිය, ගුවන්විදුලි සේවය සහ මහාමේඝ සඟරාව එකාබද්ධවඅප්‍රේල් මාසයේ ලේ  දන්දීමේ කඳවුරු මාලාවක් පැවැත්වීමට කටයුතුයොදා ඇතිබව නිවේදනය කරයි.

 

මාර්තු  31 මොනරාගල සහ වැලිමඩ මහමෙව්නා අසපු වලදී 

අප්‍රේල් 03 බලන්ගොඩ මහමෙව්නා අසපුවේදී

අප්‍රේල් 07 මාතලේ, කන්තලේ සහ මහව මහමෙව්නාව භාවනා අසපු වලදී

අප්‍රේල් 09 පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී සහ බදුල්ල ධර්මදුත මහා විද්‍යාලයේදී 

අප්‍රේල්12 බණ්ඩාරවෙල නගර ශාලාවේදී

අප්‍රේල් 13 මාළඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී

අප්‍රේල් 21 අනුරාධපුර, ආනමඩුව, ගාල්ල සහ හොරණ මහමෙව්නා භාවනා අසපු වලදී.

අප්‍රේල්28 වලස්මුල්ල, උයන්දන සහ හුනුමුල්ල මහමෙව්නාව භාවනා අසපු වලදී

මෙම උතුම් පුණ්‍ය කර්මයට දායකවනමෙන් සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින බවද මහමෙව්නාව අසපුසංචිතය නිවේදනය කරයි.

ලේදන්දීමේ වැඩ සටහන් පිළිබඳව වැඩි විස්තර ශ්‍රද්ධා රුපවාහිනිය, මහමෙව්නාවබෝධිඥාන භාවනා අසපුව, හේවාගම, කඩුවෙල යන ලිපිනයෙන්ද දුරකථන අංක 0112571471 සහ 0112548400 වලින්ද ලබාගත හැකි බවද දන්වා ඇත.