අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන ජනතාවට වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ “පිවිතුරු පැන් පූජා” පිංකම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පනාවකට අනුව සිදුවිය. එහි 10 වැනි දියවර ඔස්සේ සීවලීපුර, පදවි ශ්‍රීපුර ග්‍රාමයට පානීය ජලය පසුගිය 4 වැනිදා සැපයිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය උදෙසා දායකත්වය විශ්ව පාරමී පදනමෙනි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පල්ලේගම මහතාගේ මෙහෙයවීමෙන් ජල පිරිපහදු ඒකක ඉදිකැරිණි.
(ඡායාරූප - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය අනුග්‍රහයෙනි)









