පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000 කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
සෑ රදුන් වන පස මලින් සරසා, ඖෂධ, අෂ්ටපාන, ගිලන්පස, සුවඳ පැන්, සුවඳ දුම් ආදී පූජාවන්ගෙන් පුද දී, සෑ බඳ වටා අලංකාර කංචුක පළඳවා පූජා පවත්වන ලද අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා දූ දරුවන් උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් ද සංවිධානය කර තිබිණි.
සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, කල්‍යාණමිත්‍රයෝ යොවුන් සභාව සහ මහාමේඝ පුවත් සඟරාවේ සංවිධාන ශක්තියෙන් පැවති මෙම වන්දනාව අවසන සියලු සැදැහැවතුන් වෙත පිරිත් පැන් බෝතල්, පිරිත් නූල් සමඟින් 2015 අලංකාර බෞද්ධ දින දර්ශනයක් ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කොට තිබිණි.




















