අම්පාර උහන නගර සීමාවේ බුද්ධංගල දහම් මැදුර හා තවත් පන්සල් තුනක් ආසන්නයේ අක්කර පහක ඉඩමක මහ මෙව්නා අසපුවක් ඉදිකිරීමට යෑමට එරෙහිව අම්පාර මහාවාපි විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ද බුද්ධංගල විහාරාධිකාරී දීඝවාපියේ සුසීම හිමියන් ද, ගල්මඩුකන්ද පුරාණ රජ මහා විහාරාධිපති හෑගොඩ විමල ඥාන හිමියන් ද ඇතුළු 30 නමක් පමණ මහා සංඝරත්නය අද එම භූමියේ දී මිනිත්තු 45ක පමණ විරෝධයක් පළ කළහ.
සෝමරතන හිමියන් හා සුසීම හිමියන් පැවසුවේ පෞරාණික ස්ථාන ඕනෑ තරම් ඇති බවත්, එවැනි ස්ථානයට අසපුවක් පටන් ගත්තාට ගැටලුවක් නැති බවත් ය.
මෙම අසපුව සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා (20) මුල්ගල තැබීය.
මහමෙව්නාවේ අළුදෙණියේ සුබෝධි හිමියෝ ද ඒ අවස්ථාවට සහභාගී වූහ.