මහමග දමන වැඩිටියන්ගේ දේපළ රජයට ගන්නලු


මහ මග දමා යන වැඩිහිටියන් රජයේ වැඩිහිටි නිවාසවලට යවා ඔවුන් සතු දේපළ රාජසන්තක කළ හැකි නීති සකස් කළ යුතු බව ඇමැති එස්.බී.දිසානායක කියයි.

බොහෝ විට දූ දරුවන් විසින් වැඩිහිටියන් මහ මඟ දමා යෑමේ අවස්ථා ඇතියි කියති.

මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපොලවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරණය වීමෙන් මෙවැනි පියවරක් ගත යුතු බවට බත්තරමුල්ල  අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ පළාත් සමාජසේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදී ඇමැතිවරයා යෝජනා කර ඇත.