මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය 2011 දී මලයාසියා ජාතිකයකුට පැවරිමෙන් මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු සමුපකාර හා වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු මහතා අද (11) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
" මහපොළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න අද කැඳවීමක් කර තිබුණා. අවශ්‍ය ප්‍රකාශ ලබා දුන්නා. ඉදිරියෙන් පරික්ෂණ සඳහා අවශ්‍ය සහය ලබා දෙනවා . මේ තත්ත්වය දකින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ මන්ත්‍රිවරුන් දඩයම් කිරිමේ ක්‍රමයක් හැටියට. මේ රජය අද රටේ සංවර්ධන කිරිම පසෙකලා කරන්නේ පලිගැනිමයි. මේක තමයි අලුත් ක්‍රමය. අද රට පාලනය කරන හැටි දැක්කාම කියන්න තියෙන්නේ මේ රටේ ජනතාව කර ගත්තේ විශාල අත්වැරද්දක් කියලා" ඔහු පැවසීය.




