මහනුවරදී පස් කන්දකට යටවී සේවකයෙක් මරුට


මහනුවර කටුකැලේ ඉදිකිරීම් වැඩබිමක පස් කපමින් සිටි සේවකයන් දෙදෙනකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ බලංගොඩ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකි. තුවාල ලැබූ සේවකයා පොළොන්නරුවේ පදිංචි අයෙකි.