
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළදී නගරයේ සියලු වීදි වැසී යන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව මාතලේ කුරුණෑගල මාර්ග ඔස්සේ පැමිණෙන සියලු වාහන මහයියාව සුසාන භූමිය මාර්ගය ඔස්සේ අස්ගිරිය මාර්ගයට පැමිණ පොලිසිය අසලින් තමන්ගේ ගමන් මාර්ගවලට ප්‍රවිෂ්ට විය හැකි බවත් මහනුවර සිට මහියංගණය සහ අම්පිටිය දිශාවන්ට ගමන් කරන වාහන මධ්‍යම වෙළඳපොළ අසළින් අසලින් පල්ලිය පාර ඔස්සේ හෝ බෝගම්බර ක්‍රීඩා පිටිය අසලින් ඉහළටවිත් වැව රවුම මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බව පොලිසිය දැනුම් දෙයි.
නගරයේ කිසිදු මාර්ගයක සවස 2.00 න් පසු වාහන නවතා තැබීමට ඉඩ නොදෙන බවද පොලිසිය කියයි.

