මහනුවර නව නියෝජ්‍ය ඉන්දියා මහ කොමසාරිස් ලෙස රාධා වෙන්කතරාමන් මෙනෙවිය පත් කරනු ලැබ සිටී.
විදේශ සේවයට ඇය එක්වූයේ 1982 දීය. 1962 දී ඉපැදුණු ඇය සමාජ විද්‍යා පශ්චාත් උපාධිධාරිණියකි. හින්දි හා දෙමළ භාෂාවලට අමතරව ඇය ඉංග්‍රීසි, රුසියා, ජර්මන් හා පෘතුගාල භාෂා ප්‍රගුණ කර ඇත්තීය.

