දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් හා ඊට එරෙහිව පැවැති විරෝධතා දෙකක පිරිසක් අතර ගැටුමකින් පසු ජාතික හෙළ උරුමයේ නියෝජිතයකු බව කියන හෙට්ටිපොල දීරානන්ද හිමි පේරාදෙනිය රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.
විරෝධතාවයේ දී තෙරපීම නිසා ඒ හිමියන් රෝහල් ගත වී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
පාර විවෘත කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූ මහනුවර පුරවැසි හවුලේ සාමාජික ආනන්ද ස්ටීවන් ද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

