මහනුවර ලොකුම තොරණ අලවතුගොඩ


මහනුවර ප්‍රදේශයේ විශාලතම වෙසක් තොරණ අලවතුගොඩ නගරයේ ඉදිකර තිබේ.

අඩි 55 උස හා අඩි 45 ක් පළල මෙම තොරණ අලවතුගොඩ පොලීසිය, වෙළඳ හා ව්‍යාපාරික ප්‍රජාව, සර්ව ආගමික සංවිධානය, බෞද්ධ සමිතිය, වෑන් ලොරි හා බස්රථ සංගම් සහ රාජ්‍ය ආයතන එක්ව ඉදිකර ඇත.

තේරපත්ත ජාතකය තොරණින් නිරූපනය කෙරේ.

අද (24)  සවස සිට දින පහක්  තොරණ ප්‍රදර්ශනය කෙරේ.