මහනුවර රෝහලේ වාට්ටුවක් වහයි


මහනුවර රෝහලේ වකුගඩු රෝගීන් තිදෙනකු කිසියම් වෛරයසක් හේතුවෙන් මිය යාමෙන් පසු ඔවුන් නේවාසික ප්‍රතිකාර ලබා ගත් වාට්ටු අංක 65 වසා දැමූ බව  රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මියගිය රෝගීන් තිදෙනාට ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය ශරීර ගත වී ඇති බවට සැකකරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන්  ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට  මාරුකර යවා ඇතැයි කියති.

රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි   සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.