මහනුවර රෝහලේ ගැටුමක් : සේවක පිරිසක් උද්ඝෝෂණයේ


මහනුවර මහ රෝහලේ කනිෂ්ඨ සේවයෙකුට හමුදා සෙ‍බළුන් පිරිසක්  පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පා රෝහල් කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය හා රියැදුරෝ අද (15) දෙපැයක උද්ඝෝෂණයක් කළහ.

මාබේරිතැන්න හමුදා කඳවුරේ තුවාල ලද සෙබළකු රැගෙන රෝහලට පැමිණි හමුදා සාමාජිකයන්  පිරිසක් සමග මෙම ආරවුල ඇති වි ඇති බවත් පරික්ෂණයක් පැවැත්වෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන සේනාධිර මහතා පැවැසීය.

MAHANUWARA-20151215-2 MAHANUWARA-20151215A MAHANUWARA201512151