මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග ජූනි 29 දා


දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමජය විසින් මෙහෙයවනු ලබන මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය ජූනි මස 29 වැනිදා සවස 6 සිට මහනුවර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමජයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම තරගාවලිය මේ මස 18 වැනිදා රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබුණද විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධතාවයන් හේතුවෙන් තරගාවලිය සති 5 කික්  කල්දැමීමට සංවිධායක මණ්ඩලයට සිදුවිය.
තෙවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා යතුරු පැදි සහ මෝටර් රථ තරග ඉසව් 12 ක් ඇතුළත් කර තිබේ.

දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ යතුරු පැදි තරගකරුවන් සහ මෝටර් රථ රියැදුරන් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබෙන බවද දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමාජය පවසයි.