සිකුරාදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන මහනුවර නගර මධ්‍යයේ ඇති කිසිදු මාර්ගයක නැවැත්විම තහනම් බව මහනුවර නගරාධිපති සේන දිසානායක මහතා පැවැසිය.
නගරාධිපති මෙසේ පැවැසුයේ මහනුවර නගරයේ රථ වාහන සැලැස්මෙන් වෙළද ප්‍රජාව මෙන්ම පාසල් ළමුන් 30000 ට අධික පිරිසකට විශාල ගැටළුවක් වන බව පවසමින් මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව මහනුවර මහනගර සභාව ඉදිරිපිට අද (17) පැවැත්වූ විරෝධතාවයට විසඳුමක් ලබාදීමට පැමිණි අවස්ථාවේය.
මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර මධ්‍යයේ ක්‍රියාත්මක කළ වැඩ සටහන සාර්ථක වුවත් එහි ඉදිරි පියවරක් ලෙස පස්වරු 3.30 න් පසු පේරාදෙණිය කොළඹ මාර්ගයේ වහාන එක් දිසාවකට ගමන් කිරිමෙන් අර්බුද රැසක් නිර්මාණය වු බවත් පස්වරුවේ ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම සෙනසුරාදා ඉරිදා දිනයන් හි ක්‍රියාත්මක කළහොත් එහි සිටින වෙළඳ ප්‍රජාව විශාල අර්බුද රාශියකට මුහුණ දිය හැකි බව මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව විරෝධතාවයේදී පැවැසිය.
විරෝධතාකරුවන් මහනුවර මහ නගර සභාවට ඇතුළු විමට ගත් උත්සහය පොලිසිය නවතා දමු අතර පසුව නගරාධිපති හමුවී සාකච්ඡාවකට නියෝජිතයන් 10 දෙනකුට අවස්ථාව හිමිවිය.



