මහනුවර මැර ප්‍රහාරය ගැන ඇමැති සාගල වාර්තාවක් ඉල්ලයි


මහනුවර  පිරිමි පාසලක සිසුවකුට මහ පාරේ දී පහරදීම සම්බන්ධයෙන්  අද (23) පෙරවරු 12 වන විට  වාර්තාවක්  සපයන ලෙස නිතිය හා සාමය බාර  ඇමැති සාගල රත්නායක මහතා  මහනුවර නියෝජ්‍ය පොලිස්පතිට  නියෝග කළේය.

මැරයන් තිදෙනෙකු පාසල ඉදිරිපිට සිසුවකුට පහර  දෙන ආකාරය විඩියෝ ගත කර පරිගනකය ඔස්සේ අන්තර්ජාලයට  මුදා හැරීම නිසා ඔවුන් කවුදැයි  සොයා ගැනීමට  හැකි වනු ඇතැයි බොහෝ දෙනෙක් පවසති.