(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්කොට තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යු. ප්‍රේමතිලක මහතාගේ ලිපි ශීර්ෂ අත්සන සහ දින මුද්‍රා ව්‍යාජ ලෙස යොදමින් චක්‍රලේඛවලට පටහැනිව හා කූඨ ලේඛණ උපයෝගී කරගනිමින් එම සිසුවියන් පාසලට ඇතුළත් කරගෙන ඇති බවට අනාවරණය වී තිබූ අතර අදාල මවුපියන්ගේ ලිපිනයන් පවා ව්‍යාජ ඒවා බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි .
මෙම වංචාව පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සඳහා විමර්ශන නිලධාරීන් තිදෙනකු හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ .
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක මහතා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දැනුම් දී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් සඳහා ළමුන් ඇතුළත් කර ගන්නා ලෙස සහතික කරමින් කිසිදු ලිපියක් නිකුත් කොට නොමැති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත්ය .

