කන්ද උඩරට දක්ෂතම පාරම්පරික මුල් ඇඳුම් ශිල්පියෙකු වන සුප්රකට හිඳගල පී.වී.එස්. ජයරත්න (56) මහතා (24) දා සිකුරාදා පෙරවරුවේ මහනුවර මහ රෝහලේදී අභාවප්රාප්ත විය.
පසුගිය 2007 වසරේ සිට 2014 වසර දක්වාම වසරේ හොඳම මුල් ඇඳුම් ශිල්පියා ලෙස වසර 07ක්ම අඛණ්ඩව ජනාධිපති සම්මාන ලැබූ ජයරත්න මහතා (ඔක්තෝබර් 21දා) මිය යන්නට දින දෙකකට පෙර ජාතික ශිල්ප සභාවේ චක්රවර්තී සම්මානයෙන්ද පිදුම් ලැබීය.
මහනුවර ශී්ර දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඇතුළු සතර මහා දේවාල, පිටිසර දේවාලවල මෙන්ම ලංකාවේ අනෙකුත් ප්රධානතම දේවාල රැුසක බස්නායක නිළමේවරුන් සඳහා මුල් ඇඳුම් නිර්මාණය කරන ලද්දේ පී.වී.එස්. ජයරත්න මහතා විසිනි.
විශේෂයෙන්ම මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කරන දියවඩන නිළමේ ඇතුළු සතර දේවාල හා පිටිසර දේවාල වල බස්නායක නිළමේලාගේ මුල් ඇඳුම් නිම කරවීමේ හා ඇන්දවීමේ භාර¥ර වගකීම වසර (40) හතලිහකට අධික කාලයක් ඉටු කළ ජයරත්න මහතා, ඒ කෙරෙහි දැක්වූ ගෞරවය, උනන්දුව හා කැපවීම විශිෂ්ටය.
ඕනෑම මුල් ඇඳුමක් දුටු සැණින් එහි වැරදී ඇත්තේ කොතනද, අඩුව කුමක්දැයි කීමට තරම් විශිෂ්ට පළපුරුද්දක් හා අත්දැකීම් රැසක් ජයරත්න මහතා සතු වූ අතර, තමන් මුල් ඇඳුම් අන්දවන ප්රභූවරයා කවුරුන් වුවද ඔහු පිළිබඳව වඩා ගෞරව පෙරදැරිව හා උපකාරකව කටයුතු කිරීම ඔහුගේ සිරිතයි. මුල් ඇඳුම් නිමවීමේ නිර්මාණශීලිත්වයට අමතරව, දුර්ලභ ගණයේ සංවිධාන ශක්තියකින් යුතු වූ ඔහු තමන් සමග කටයුතු කරන සියලූ දෙනාට එකසේ දයාවෙන් සැළකූ පියෙකු මෙන් විය. කරන දේ කිසිදු අඩුවකින් තොරව පරිපූර්ණව නිම කිරීම ඔහුගේ ලක්ෂණයකි.
පරපුරෙන් ලත් උරුමයක් ලෙස මුල් ඇඳුම් නිර්මාණය කළ ජයරත්න මහතා එම කලාව නෙකෙළසෙන පරිදි සිය කර්මාන්තයේ නියැළුණු අතර එය ඉදිරියේදීත් රැකගත යුතුය යන මතය දැරීය. සැබෑ මුල් ඇඳුම් නිර්මාණයේ විශිෂ්ටයකු මෙන්ම, මුල් ඇඳුම් පිළිබඳව විශේෂඥයකු ලෙසද හැඳින්විය හැකි ජයරත්න මහතාගේ වියෝවෙන් ශිල්පයට සිදු වු පාඩුව කිසිවෙකුට පිරිමැසිය නොහැකි වනු ඇත. සැබෑ කලාකාමි නිර්මාණකරුවෙකු මෙන්ම, අහිංසක ගැමියෙකුද වූ ඔහු ‘‘හිඳගල ජයරත්න’’ ලෙස රටේ ප්රචලිත වූයේ ඔහු තුළ වූ මිනිස්කම නිසාම බවද මෙහි සඳහන් කිරීම වටී.
දශක හතරකට අධික කාලයක් තිස්සේම, බෞද්ධ සංස්කෘතික උත්සව වලදී, අපට නැතිවම බැරි විශිෂ්ටතම සංස්කෘතික මෙහෙයක් ඉටුකළ හිඳගල ජයරත්න මහතාගේ සමුගැන්ම කන්ද උඩරටට පමණක් නොව ඔහු දන්නා හඳුනන කාටත් වේදනාවකි.
ජයරත්න මහතාගේ දේහය පේරාදෙණිය, දොළුව පාරේ, හිඳගල අංක 169 දරණ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු (27දා) සඳුදා පස්වරු 2ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.


