මහනුවර පුරපති ඉල්ලා අස්වෙයි


මහනුවර නගාරාධිපති මහේන් රත්වත්තේ මහතා අද (19) නගාරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා නගර සභාවේ කොමසාරිස්වරයා  වෙත  නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය රත්වත්තේ මහතා විසින් විසින් භාර දි තිබේ.

දෙසැම්බර් මස 1 වැනිදා පැවැත්විමට නියමිත මහනුවර ශ්‍රි විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ තරගයට ඉදිරිපත් විම සඳහා රත්වත්තේ මහතා නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් විමට තිරණය කර ඇත.

එම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ මොහාන් පානබොක්කේ මහතාගේ අභාවයෙන් පසු හිස් වු බස්නායක ධුරය සඳහා තරග කිරීමට තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් ඉල්ලිම මත මෙම තිරණය ගත් බව මහේන් රත්වත්තේ මහතා පවසයි.