මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ළඟ උද්ඝෝෂණයක්


දෙල්තොට ලිට්ල්වැලි වතුයායේ රජය සතු ඉඩම් පුද්ගලික අංශ වෙත අලෙවි කිරීම නිසා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මෙම වතුවල තමන් පරම්පරා හතරක කාලයක් තිස්සේ ජීවත් වන බවත් මේ දක්වා ස්ථීර ඉඩම් අයිතියක් තමන්ට ලැබී නොමැති බවත් තමන්ට ඉඩම් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවත් කියමින් එම වතුයායේ පදිංචිකරුවෝ අද (28) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයෝ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කළ අතර පොලීසිය මැදිහත්ව එය නවත්වනු ලැබූ අතර එම අවස්ථාවේ  මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙමින් තිබිණි.

webunnamed-(1) webunnamed-(2)