( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව මහනුවර උසස් බාලිකා විදුහලින් විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍යාවෝ අනූ තුන් දෙනෙක් (93) විෂයයන් නවයට ම ඒ සාමර්ථ්‍යයන් ලබා ගනිමින් සමත් වූහ. ඒ අට ලැබූවන් අනූවක්, ඒ හත ලැබූවන් පනස් එකක්, ඒ හය ලැබූවන් තිස් තුනක් වශයෙන් දෙසිය හැට හත් දෙනෙක් සමත් වී සිටිති.
උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් මේ වසරේ සපිරෙයි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය පැවසුයේ මෙම ප්‍රතිඵල අයකරදුන් ගුරුමණ්ඩලයට කෘතඥ වන බවයි.

