ආචාර්ය හා මහාචාර්ය ‘ගෞරව‘ සම්මාන තනතුරු මුදලට විකිණීමේ සිද්ධිය අනාවරණය කරමින් 2012 මාර්තු 19 වැනි දින ‘දිනපතා ලංකාදීප‘ පුවත්පතේ පළ කළ වාර්තාවකින් සිදුවූ ලැජ්ජාව හා මානසික පීඩාව වෙනුවෙන් මහනුවර මහයියාව අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන් ලංකාදීප මාධ්‍යවේදියකුගෙන් රුපියල් කෝටියක් වන්දි ඉල්ලා පැවරූ නඩුව මහනුවර දිසා විනිසුරු සමන් කාරියවසම් මහතා අද (25) ඉවත දැමීය.
වජිරඤාණ හිමියන් හෝ ඒ හිමියන්ගේ නීතීඥවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත.
නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉන්ද්‍රකුමාර විජේතිලක මහතා කරුණු දක්වමින් තම සේවාදායක දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසට එරෙහිව පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ ගොනු කළ නඩුව, අධිකරණයේ විභාග වන අවස්ථාවේ අධිකරණයට නොපැමිණිම නිසා තවදුරටත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බව ප්‍රකාශ කළේය.
දඹුල්ල ලංකාදීප මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරමින් දිසා විසිනිසුරු ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ආචාර්ය, මහාචාර්ය තනතුරු මුදලට විකුණන උපාධි කඩ යන මැයෙන් යෙදූ සිරස්තලයක් යටතේ දිනපතා ලංකාදීප පුවත්පතට ආරියදාස මහතා විසින් ලියා සපයන ලද වාර්තාවෙන් මෙම නඩුවේ පැමිණිලිකාර මහයියාවේ අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන්ට අපහාස වූ බවට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ ඩබ්ලිව් කීර්තිසේන මහතාගේ උපදෙස් පරිදි නඩුව පවරා තිබිණි
සබැඳි පුවත්





