මහනුවර ඇසළ උත්සවයට 25දා සිට විශේෂ දුම්රිය


(යොහාන් භාසුර)

මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොළඹ කොටුව - මහනුවර, මහනුවර - කොළඹ කොටුව, මහනුවර - මාතලේ, මහනුවර - නාවලපිටිය සහ මහනුවර - බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.50 ට දුම්රියක් පිටත් වන අතර ඊට අමතරව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26, 27 සහ 30 යන දිනවල පෙරවරු 6.30 ට දුම්රියක් ද, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 25 සහ 29 දෙදින පස්වරු 5.35 ට දුම්රියක් ද, පිටත්වේ.