
(විනීතා එම් ගමගේ)
මහනුවර අවටින් ඉකුත් 7 වැනිදා වාර්තා වූ සුළු භූ කම්පන හතරෙන් පොළව අභ්‍යන්තරයේ සිදුවී ඇත්තේ එකක් පමණකැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි.
මහනුවර අවටින් ඉකුත් 7 වැනිදා වාර්තා වූ සුළු භූ කම්පන හතරෙන් පොළව අභ්‍යන්තරයේ සිදුවී ඇත්තේ එකක් පමණකැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි.
එම භූ කම්පනය ද සටහන් වී ඇත්තේ මහකනදරාව හා පල්ලේකැලේ භූ කම්පන මානවල පමණකැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්්‍යංශයේ සභාපති අනුර වල්පොල මහතා ලංකාදීපයට අද (07) පැවසීය.
පෘතුවි අභ්‍යන්තරයේ සිදුවන කම්පන සනිටුහන් වන්නේ භූ කම්පන මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල පමණක් බවත් වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර ඇති සංවේදකවල පෘතුවි අභ්‍යන්තරයේ කම්පන සටහන් නොවෙන බවත් හෙතෙම කියා සිටියේය.
එදින වාර්තා වූ අනෙක් කම්පන තුන වික්ටෝරියා ජලාශයේ සංවේදකවල වල සටහන්ව ඇති බවත් එහි සටහන් වන්නේ පෘතුවි පෘශ්ඨය මත සිදුවන ඒවා පමණක් බවත් වල්පොල මහතා කීය. ඒ අනුව ඒවා පෘතුවි පෘෂ්ඨය මත සිදුවූ යම් කම්පන තත්ත්වයක් නිසා ඇතිවූවක් යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය, භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය හා මහවැලි අධිකාරියේ ද සහය ලබාගැනීමට නියමිත බව කී වල්පොල මහතා එම පරික්ෂණ කණ්ඩායම පුළුල් විමර්ශනයක් කරනු ඇතැයි ද සඳහන් කළේය.
මෙහිදී මින් පෙර පත් කරන ලද විද්වත් කමිටුව විසින් ලබා දුන් වාර්තාවේ අඩංගු වන නිර්දේශ ද අනුව ඩොලමයිට් කැණීම් හා ඒ ආශ්‍රිතව සිදුවන පිපිරීම් පිළිබඳවත් අවධානය යොමු කරන අතර විමර්ශන කණ්ඩායම විසින් ලබා දෙන වාර්තාවට අනුකූලව ඉදිරි පියවර ගන්නා බවත් කියා සිටියේය.

